Thursday, October 4, 2018

පරිගණක ජාල කරණය Computer Network

computer Network ජාලකරණයේ වාසි හා අවාසි පරිගණක ජාල කරණය Computer Network පරිගණක ජාලයක වාසි සහ අවාසි. Cumputer Network එකක් යනු පරිගණක ඊට සම්බන්ධ උපාංගයන් එකිනෙකට සම්බන්ධ කර තැනු පධතියකි. කුඩා ජාලයක සිට විශාල අන්තර්ජාලය දක්වා පරාසයකින් පරිගණක ජාල නිර්මාණ වී ඇත. පරිණගණක ජාල පිලිබදව කතා කිරීමට පෙර අපි මුලින්ම බලමු පරිගණක ජාලයක පවතින වාසිදායක තත්වය හා අවාසිදායක තත්වයන් පිලිබදව මුලික ලෙස පරිගණක ජාලයක වාසි හා අවාසි. වාසි අන්තර්ජාල හවුලේ භාවිතා කල හැකිවීම. දත්ත ගබඩාව පවත්වා ගැනීම. දත්ත හුවමාරුවට වෙනත් මාධ්‍ය අවශ්‍ය නොවීම. දත්තවල ආරක්ෂාව ඉහල යාම. DVD රොම්, දෘඩ තැටි ආදිය හවුලේ භාවිතා කල හැකිවීම. ජලය තුලදී සම්පත් පොදුවේ භාවිතා කල හැකිය. පණිවුඩ හුවමාරු මාධ්‍යයක් ලෙස භාවිතා කල හැකිවීම. ජාලගත පරිගණක ක්‍රීඩා මෘදුකාංග පොදුවේ භාවිත කිරීම. අවාසි ජාලයක නිසි පරිදි නඩත්තු කල යුතු වීම. ප්‍රධාන පරිගණකට හානියක් සිදු වූ අවස්ථාවන් තුල දී විවිධ ගැටළු මතුවීම. නීති විරෝධීව පරිගණකට ඇතුළු වීමට හැකි වීම. ජාලයක නිසි පරිදි නඩත්තු කල යුතු වීම. ජාලයක් සැකසීමට මුලික පිරිවැය වැඩි වීම. මෙම මුලික කරුණු පිළිබදව වෙන් වෙන් වශයෙන් අවබෝදයක් ලබා ගනිමු. අපි මුලින්ම බලමු පරිගණක ජාලයක් සැකසිමෙන් ලබා ගත හැකි ප්‍රයෝජන හා වාසි. පරිගණක එකකට වඩා පවතින අවස්ථාවක දී පරිගණකයක් තනි තනිව පවතිනවාට වඩා ඒවා එකිනෙක සම්බන්ධ කර ජාල ගත කිරීම මගින් විශාල ප්‍රයෝජන ලබා ගත හැකිය. ඒවා මෙසේය. 1 අන්තර්ජාල පහසුකම් පොදුවේ භාවිතා කිරීමට හැකි වීම. මෙහිදී සිදුවන්නේ internet පහසුකම එක් Computer එකකට පමණක් ලබාගෙන එකිනෙකට සම්බන්ධ කර ඇති සියලුම පරිගණක සදහා මෙම තාක්ෂණක පොදුවේ භාවිතා කිරීමේ හැකියාව පවතී. මෙහිදී අද අන්තර්ජාල හරහා ලබන්නා සියලුම ප්‍රයෝජන පොදුවේ ජාලයේ සියලුම පරිගණක වෙත ලබා ගත හැකිය. 2 දත්ත ගබඩාව පවත්වා ගැනීම. ජාලය තුල ඇති එක පරිගණක පමණක් විශාල දෘඩ තැටියක් තබා ඒ තුලින් ගීත , චිත්‍රපට , විශාල දත්ත ගොනු වැනි තොරතොරු එහි ගබඩා කර තබන්නට හැකිය. මෙහිදී එකම දත්තය සෑම පරිගණකයක් තුලම ගබඩා කර තැබීම අවශ්‍ය නොවේ. මෙම නිසා සියලු පරිගණක එකලස් ගත වෙන වේලාව සහ මුදල ඉතිරි කරගත හැකිය. මෙම නිසා විවිධ සේවාදායක ආයතන වලටද Server Computer තුල දත්ත ගබඩාව එක ස්ථානයක තබා එයට අවශ්‍ය ආරක්ෂාව ලබාදීමට පහසුවේ. එසේම එක ස්ථානයක පමණක් දත්ත තිබීමෙන් එය සංස්කරණය කිරීමත් පහසුවේ. 3 දත්ත හුවමාරුව සදහා වෙනත් මාධ්‍ය අවශ්‍ය නොවීම. එක් පරියකයක දත්තයක් හෝ තොරතුරක් සමාන්‍යයෙන් තවත් පරිගණකයට රැගෙන යාමට අවශ්‍ය වුවහොත් එය සදහා වෙනත් මාධ්‍යයක් අවශ්‍ය වේ. එනම් ෆ්ලෑෂ් ඩ්‍රයිව්ස්, DVD තැටි, වැනි ඉවත් කල හැකි මාධ්‍යක් උපකාරයෙන් Coppy කර ගෙන අවශ්‍ය පරිගණකයට එය ලබා දිය යුතුය. මෙහිදී අමතර කාලයක් හා මුදලක්ද වැයවේ. නමුත් පරිගණක ජාලයක් තුල එසේ නොවේ එනම් පරිගණක ජාලය හරහාම උවමනා දත්ත හා තොරතුරු හුවමාරු කර ගත හැකිය. 4 දත්ත සදහා ඉහල මට්ටමක ආරක්ෂාවක් ලැබීම. සේවාදායක පරිගණකයක් මුල් කරගෙන සකසන ජාලයක් තුල එහි දත්තවල සුරක්ෂිත බව පිලිබදව වැඩි අවදානයක් යොමු කරයි. 5 DVD දෘඩ තැටි ආදීය පදුවේ භාවිතා කල හැකිවීම. එක පරිගණක ජාලයකට එක DVD එකක් තිබිමඩ් ප්‍රමාණවත් වේ. ජලයේ තිබෙන සියලුම පරිගණකයන් එහි දත්තයන් ලබා ගනී. පරිගණක ජාල ගත නොකර තිබේ නම් එක පරිගණකයක් සදහා එක් DVD තැටිය බැගින් අවශ්‍ය වේ. දෘඩ තැටියක්ද මේ ආකාරයට පොදුවේ භාවිතා කල හැකිය එහිදී ධාරිතාව වැඩි දෘඩතැටියක් එක පරිගණකය පමණක් සවි කර දත්ත ගබඩාවක් සේ භාවිතා කිරීමේ හැකියාව ජාලයේ සියලු පරිගණක තුල පවතී. 6 මෘදුකාංග මුද්‍රණ යන්ත්‍ර ආදිය පොදුවේ යොදාගැනීම. මෘදුකාංග එක පරිගණක ඉන්ස්ට්‍රෝල් කල විට ජාලයේ අනෙක් පරිගණක වල සිටද එය භාවිත කිරීමේ හැකියාව පවතී. ජාලයේ එක් පරිගණකයට පමණක් ප්‍රින්ටර් එකක් සවිකළ ඇති විට ජාලයේ අනිකුත් සෑම පරිගනකින්ම ප්‍රින්ට් අවුට් ලබා ගත හැකිය. 7 ජාලගත පරිගණක ක්‍රීඩා කණ්ඩායමකට එකතුවී ක්‍රීඩාවක් කිරීමට අවශ්‍ය නම් පරිගණක ජාලයක් යොදාගත හැකිය. පරිගණක ජාලය අවාසි. පරිගණක ජාලයක් භාවිතා කිරීමේදී අවාසිදාය තත්වයන් කිහිපයක්ද පවතී. 1 මුලිකව වැඩි පිරිවැයක් දැරීමට සිදුවීම. පරිගණක ජාලයක් නිර්මාණය කිරීමේදී , දැනුම , උපකරණ අවශ්‍ය වේ. එමෙන්ම අඩත්තු කිරීම සදහාද මුදල් අවශ්‍ය වේ. 2 ප්‍රධාන වශයෙන් ඇති පරිගණකය දෝෂයක් වූ විට එය ජාලයටම බලපෑමක් සිදුවෙයි. පටිගණක ජාලය එකට සකස් කර ඇත්තේ සේවා දායක පරිගණකයක් මුල් කර ගෙන නම් එහි දෝෂයක් ඇති වූ විට එහි ක්‍රියාත්මක වන වැඩසටහන් වෙතට පිවිසීම අවහිර වේ. දත්ත ලබා ගැනිමටද නොහැකිවේ. 3 නීති විරෝදිව පරිගණකට ඇතුළු වීම මැල්වෙයා වැනි වයිරස් වැඩසටහන් ජාලය පුරා පැතිරීම. ජාලය පුරාම ඇති දත්ත සොරා ගැනීමේ හැකියාව පවතී. 4 පරිගණක ජාලයක නඩත්තු කටයුතු සිදු කිරීම. පරිගණක කිහිපයක් වෙන වෙන පවතිනවා මෙන් නොව ජාලයක දී විවිධාකාර මෘදුකාංග සහ දෘඩාංග දෝෂයන් සමනය කල යුතුය. එමෙන්ම දැනට පවතින පරිගනකයක් ජාලයෙන් ඉවත් කිරීමට මෙන්ම නැවත අලුතින් පරිගණයක් ජාලයට එක කිරීම වැනි කටයුතු ක්‍රමානුකුලව සිදුකිරීම අත්‍යාවශ්‍ය කරුණකි. හැකර් ප්‍රහාරයන්ගෙන් බේරීමට හා නැවත්වීමට ක්‍රියාමාර්ග ගැනීමද සිදු කල යුතුය එම ආකාරයෙන් පරිගණක ජාලයක් නිසි ලෙස නඩත්තු කරීම සදහා කාලය මෙන්ම මුදල්ද වැයවේ. මෙම ලිපිය මගින් Computer Notwork එකක පවතින වාසි හා අවාසිදාය තත්ත්ව පිලිබදව සරළ අවබෝධයක් ලබා ගත හැකිය.

Wednesday, October 3, 2018

මතක වර්ගීකරණය

පරිගනක මතකය පිලිබද කතා කිරීමේදී මතකය යනු පරිගනක පද්දතියක හෝ  ක්‍රම වේදයක් මූලිකම පද්දතියක් තුල දත්ත හා තොරතුරු වසයෙන්  ගබඩාකිරීම මතකය ලෙස හදුන්වනු ලබනව .මෙම ගබඩා කරන දත්ත ප්‍රධාන වසයෙන් විද්යුතය පදනම් කොටගෙන කොටස් දෙකකට බෙදනු ලැබේ .
නශ්ය මතකය
නශ්‍ය නොවන මතකය .
නශ්‍ය මතකය යනු  ===========
    මෙය විද්යුතය මත රදා පවතින මතක වර්ගයයි .මෙහි විශේශත්වය වන්නේ ගබඩාවන දත්තයන් විද්යුතය ඇති විට රඳා පවතින අතර විදුලිය විසන්දි වූ විට දත්ත මැකී යයි.එම හේතුව නිසා මෙවැනි මතක තාවකාලික මතක ලෙසද හදුන්වනු ලබයි .නශ්‍ය නොවන මතක හා සන්සන්දනය කර බැලීමේදී මෙවැනි මතක වල දාරිතාව ඉතා කුඩා අගයක් මත රඳාපැවතේ. නමුත් මෙම මතක සඳහා ප්‍රවේශ වන කාලය ඉතා අඩු අතර දත්ත ලියන කියවන වේගය සාපේක්ෂව වැඩි අගයක් ගනී.
එම නිසා මෙවැනි මතක පරිගනක ප්‍රොසෙසරය මත කෙලින්ම ප්‍රවේශ කරන ප්‍රාතමික මතක ගනයට අයත් වේ .උදාහරණ ලෙස ram,cache memory,register දැකිය හැකිය .
නශ්‍ය නොවන මතක යනු ==========
    මෙවැනි මතකයන් තුල රඳා පවතින දත්ත විද්යුතය මත රදා නොපවතියි .එනම් විදුලිය විසන්දි වුවද මතකය මැකීයාමක් සිදු නොවේ .මෙවැනි මතක ස්තීර මතක ලෙස හදුන්වනු ලබයි .මේ නිසා මෙවැනි මතක වල දාරිතාව සාපේක්ෂව විශාල අගයක් ගනු ලබයි .
මෙහි දත්ත සඳහා ප්‍රවේශ වන කාලයද සාපේක්ෂව වැඩි අතර දත්ත ගබඩා කරන වේගය සාපේක්ෂව නශ්‍ය මතක වලට වඩා අඩු අගයක් ගනු ලබයි .මෙවැනි මතක ප්‍රොසෙසරය තුලට රිජු ප්‍රවේශයක් සිදු නොවන අතර ප්‍රතමව ප්‍රධාන මතකයට ප්‍රවේශ වී දෙවනුව මද්‍ය සකසනය වෙත ප්‍රවේශ වෙනු ලබයි .එම හේතුවෙන් මෙවැනි මතක ද්වීතියික මතක ගනයට අයත් මතක සේ සලකනු ලබයි .අප පරිගනක අබ්‍යන්තරයේ ඇති එකම ද්වීතියික මතකය ලෙස පරිගනක ඩෘඩ තැටිය හදුන්වා දිය හැකි අතර අප බාවිතා කරන cd/dvd/blu-ray/pen drive/portable hard disk හැදින්විය හැකි වේ .
මීට අමතරව සියලුම මතකයන් පරිගනක මද්‍ය සැකසුම මත ප්‍රවේශය සිදු කරන ආකාරය අනුව කොටස් 2 කට බෙදා දක්වනු ලබන අතරම වර්තමානයේදී එය කොටස් 4කට බෙදා දක්වනු ඇත එනම් ,
ප්‍රාතමික මතකය
ද්වීතියික මතකය
ත්‍රිතියික මතකය
චාතුර්වික මතකය
ප්‍රාතමික මතකය යනු ප්‍රධාන වශයෙන් පරිගනක මද්‍ය සැකසුම වෙත කෙලින්ම ප්‍රවේශ කරගන්නා මතකයි .(ram/rom/cache memory/register).
ද්වීතියික මතකය යනු ඉහත සඳහන් කල පරිදි මද්‍ය සැකසුම මත කෙලින්ම ප්‍රවේශය නොගන්නා මතකයි (magnatic hard disk).
ත්‍රිතීයික මතක හා චාතුර්තික මතක අයත් වන්නේද ද්වීතියික මතක ගනයටයි .නමුත් ඒවායේ විවිද වූ තාක්ෂණික මත ත්‍රිතීයික ගනයට අයත් යැයි අපි සලකනු ලබන්නේ (portable device,pen drive,cd,dvd,blu-ray,ssd) වැනි අතේ රැගෙන යා හැකි මතකයි .
චාතුර්වික මතක ලෙස සලකනු ලබන්නේ වර්තමානයේ බාවිත කරනු ලබන online දත්ත ගබඩාවන් වේ .මෙය cloud computing ලෙස හඳුන්වනු ලබයි .

ඉන් පසුව මතකය බෙදන තවත් ආකාරයක් වන්නේ දත්ත ගබඩා කරන තාක්ෂණය අනුවයි .ඒ අනුව එය ප්‍රදාන කොටස් 3 කට බෙදා වෙන් කරනු ලැබේ .
චුම්බක තාක්ෂණය අනුව
ආලෝක තාක්ෂණය පදනම් කොටගෙන
සැනෙලි මතක තාක්ෂණය අනුව
මෙහිදී චුම්බක තාක්ෂණය අනුව දත්ත ගබඩා කරන මාද්‍යන් ලෙස පරිගනක අබ්‍යන්තර ඩෘඩ තැටිය /ෆ්ලොපි ඩිස්කට් වැනි මතක පෙන්වා දිය හැකිය .තවත් මතකයක් ලෙස චුම්බකිත පටි හැඳින්විය හැකිය .
ආලෝක තාක්ෂණය බාවිත කොටගෙන දත්ත පරිහරනය කරන මතක ලෙස අප එදිනෙදා බාවිතා කරන cd/dvd/blu-ray වැනි මතක ලෙස හදුන්වා දිය හැකිය
සැනෙලි මතක තාක්ෂණය යනු වර්තමානයේ අප බාවිතා කරන pen drive,ssd-solid stade drive) වැනි මතක නිපද වන තාක්ෂණය වේ .මෙහි ඇති අවාසියයක් ලෙස කියවන වේගය වැඩි අතර දත්ත ලියන වේගය ඉතාමත් දුර්වල වේ .
මේ ඉහත දක්වා ඇති කොටස් අනුව පරිගනක මතකය කොටස් 03 බෙදා වෙන් කල හැකිය
මෙම පරිගනක දැනුම මා හට ලබා දුන් ප්‍රවීන මෘදුකාංග ඉංජිනේරු ලලිදු ලොකුලියන ගුරුතුමාට ස්තූතිය පලකරන අතර තවත් වැදගත් ලිපියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් සමු ගන්නම් , ටෙනිල් ප්‍රබාත් ප්‍රේමතිලක )

Information technology

අයුබොවන් ..තොරතුරු සන්නිවේදන තාක්සනයේ නව මන්පෙත් සොයන්නන්ට මෙහෙයුම් පද්දතිය ගැන හැදින්වීමක් කරන්න හදන්නෙ,..
මුලින්ම දැනගමු මොකක්ද මේ මෙහෙයුම් පද්දතියක් කියන්නෙ කියල -අපි දන්නව පරිගනක පද්ධතියක් ප්‍රධාන කොටස් 4කට වෙන් කරනව කියල .ඉතින් එහි මෘදුකාංග ගනයට අයිතිවෙන ප්‍රධාන මෘදුකාංගයක් තමයි මෙහෙයුම් පද්දතිය කියල සරලව හඳුන්වනු ලබන්නෙ ..ඒ කියන්නෙ මේක තමයි පද්දති මෘදුකාංග කියන්නෙ ..අපි බාවිතා කරන තාක්ෂණික මෙවලම් අශ්‍රිත ඩෘඩාන්ග වලින් ප්‍රයෝජන ගන්න තමයි මෙහෙයුම් පද්දතියක් අපිට උවමනා වෙන්නෙ..වර්තමානයේ අපි බාවිතා කරන ජන්ගම දුරකතනයේ පවා අපිට ලස්සනට දකින්න පුලුවන් වෙන්නෙ මෙහෙයුම් පද්දතියක් තමයි..
මේ මෙහෙයුම් පද්දතිය ප්‍රධාන කොටස් 2කට සාමාන්‍යයෙන් වෙන් කරනවා මිලදීගන්නා සහ විවෘත මෘදුකාංග යනුවෙන් ..මේ මෙහෙයුම් පද්දතියේ ප්‍රදාන කාර්යයන් 2ක් තියනව කාල කලමනාකරනය සහ මතක කලමනාකරනය කියල ..තවත් බොහෝ කාර්යයන් මෙහෙයුම් පද්ධතිය මගින් ඉටු කරනව ..නමුත් ඒ පිලිබඳ වෙනත් ලිපියකින් සාකච්ඡා කරමු .
හොඳයි කලින් කතා කරපු මෙහෙයුම් පද්දති වෙන් කිරීමේදී මිලදී ගන්නා මෙහෙයුම් පද්ධති වලට අයත් ඒවාට උදාහරණ ලෙස -windows,apple os (mac os,Ios),.. හදුන්වන්න පුලුවන්
අපිට අන්තර්ජාලය මගින් නොමිලයේ ලබාගත හැකි මෙහෙයුම් පද්දති වලට උදාහරණ වසයෙන් -kali linux,mandriva,suse,සහ ලිනක්ස් පවුලේ මෙහෙයුම් පද්දති
මේඅතර විසේසයෙන් කියන්න ඕනි ගොඩක් ජාලකරන ඉන්ජිනේරුවන් සහ හැකර් වරු ගොඩක් වෙලාවට බාවිතා කරන්නෙ මේ නොමිලයේ ලබාගත හැකි මෙහෙයුම් පද්දති වේ .
හරි ඊලඟට අපි මේ මෙහෙයුම් පද්ධතිය එහි කාර්යයන් අනුව කොටස් 5 කට වෙන් කරනව
ඒක පරිශීලක-ඒක කාර්යය.====තනි පරිශීලකයෙකුට පමනක් එක් විටෙකදී එක් කාර්යයක් පමනක් කරන්න පුලුවන්නම් ඒ මෙහෙයුම් පද්දති අපි හදුන්වන්නෙ ඒක පරිශීලක ඒක කාර්යය කියල ,ගොඩක් වෙලවට විදාන පේලි අතුරුමුහුනතක් මේ මෙහෙයුම් පද්දති තුල දකින්න පුලුවන් ..මේ මෙහෙයුම් පද්ධතිය තුල තිබෙන විසේසය තමයි හාඩ්වෙයාර් ලගම ගනුදෙනු කිරීමේ හැකියාවක් තියනව ..උදාහරණයක් විදියට dos මෙහෙයුම් පද්ධතිය පෙන්නන්න පුලුවන් .
ඒක පරිශීලක - බහු කාර්යය====පරිශීලකයෙකුට තමාගේ පරිගනකය මගින් කාර්යයන් කිහිපයක් එක් විට කරන්න පුලුවන්නම් අපි ඒක ලේසියෙන්ම හදුන්වන්නෙ මේ නමින් ..හැබැයි මේ සඳහා ක්ශුද්‍ර සකසනයේ දායකත්වය මේ මෙහෙයුම් පද්දතියට අවශ්‍ය වෙනවා .උදාහරණයක් වසයෙන් පෙන්ටියම් 2 පරිගනක වලින් උඩට අපිට දකින්න පුලුවන් වෙන්නෙ මෙ මෙහෙයුම් පද්ධති තමයි.
බහු පරිශිලක -බහු කාර්යය====සාමාන්‍යයෙන් පරිශීලකයන් විශාල ප්‍රමාණයකට එක් විට කාර්යයන් කිහිපයක් කරන්න පුලුවන් මෙහෙයුම් පද්ධති මේ නමින් අපි හදුන්වනු ලබනව ,,උදාහරණයක් ලෙස server computers සදහා යොදන මෙහෙයුම් පද්දති හඳුනා ගන්න පුලුවන් .
බහු පොට ===මෙහිදී සිදුවන්නේ පරිශීලකයන්ගේ ලබා දෙන කාර්යයන් පරිගනකයේ සම්පත් බාවිතා කරමින් කොටස් කිහිපයකට බෙදා එම ලබාදෙන කාර්යය ඉක්මනින් කිරීමට හැකි මෙහෙයුම් පද්දති වේ.සාමාන්‍යයෙන් වර්තමානයේ අපි බාවිතා කරන පෞද්ගලික පරිගනක වල දකින්න පුලුවන් වෙන්නෙ මේ මෙහෙයුම් පද්දති වේ .
තත්‍යකාලීන මෙහෙයුම් පද්දති ====සාමාන්‍යයෙන් මේ මෙහෙයුම් පද්දති වල තියන විශේසත්වය තමයි ආදානයක් දුන් විගසම ප්‍රතිදානයක් ලබා දෙන එක .(කනට ගහපු ගමන් පයින් ගහනව වගේ විහිලුවක් හොදේ ..)සාමාන්‍යයෙන් අපි මේ මෙහෙයුම් පද්දති බාවිතා කරන්නෙ නෑ.මේ මෙහෙයුම් පද්දති බාවිතා කරන්නෙ බැන්කු ගනුදෙනු යන්ත්‍ර වල සහ වෛද්‍ය කාර්යයන් සඳහා යොදාගනු ලබන පරිගනක වල .
හොදයි මෙහෙයුම් පද්දතියක් පරිගනක විද්‍යාව තුලින් කොටස් වලට මූලික ආකාරයෙන් බෙදන ආකාරය මම ඉහතදී පහැදිලි කරා ..මෙහෙයුම් පද්දතියේ අන්තර්ගතය පිලිබඳ තවත් ලිපියකින් එන බලාපොරොත්තුවෙන් සමුගන්නම්
මේ වෙබ් අඩවියේ නිර්මාතෘ වරයා සහ මා හට පරිගනක විද්‍යාව උගන්වන ප්‍රවීන මෘදුකාංග ඉන්ජිනේරු ලලිදු ලොකුලියන ගුරුතුමාට ස්තුතිය පලකරමි .(tenil prabath permathilaka)

university of vocational technology (univotec) maths past papers

this is 1st semester mathematics for IT past papers in university of vocational technology.(univotec) you can dounload it. dounload now fi...