Wednesday, August 28, 2019
What is different ielts general and academic sinhala
General IELTS exam කරන්න ඕන වෙන්නේ සාමාන්‍යයෙන් ඔබ රැකියාවකට එහෙමත් නැත්නම් පදිංචියට ඒ වගේ රටකට යන්න බලාපොරොත්තු වෙනවනම් තමයි General IELTS exam එක කරන අවශ්‍ය වෙන්නේ මොකද එකේදී කරන්නේ එදිනෙද වැඩ වලට අවශ්‍ය වෙන එහෙමත් නැත්නම් රැකියාවක් කරන කොට අවශ්‍ය වෙන ඉංග්‍රීසි පරික්ෂා කරන එක Academic IELTS exam එක කරන්න අවශ්‍ය වෙන්නේ ඔබ අද්‍යාපනය සදහා විදෙස් ගත වෙන්න බලාපොරොත්තු වෙනවනම් තමයි ,මොකද මේ Academic IELTS exam එක General IELTS exam එකට වඩා තරමක් අමාරුයි මේ exam එකේදී ඔබේ english දැනුම තරමක් ගැබුරින් බලනවා
හරි දැන් අපි දන්නවනේ exam වර්ග දෙක ගැන ඉතින් දැන් අපි බලමු මොන වගේ exam එකකට අපිට මුහුණ දෙන්න තියෙන්නේ කියලා.
මෙහෙමයි මේ exam එකේ කොටස් 4 තියනව exam එක පැය 3 වගේ කාලයකදී අවසන් වෙනවා ඒ කියන්නේ ඔයාලට බයවෙන්න දෙයක් නෑ දවසම තියන ගොඩක් අරමු exam කියලා මේ exam එකේ ප්‍රදාන කොටස් 4 වෙන්නේ.
listening (ඇසීම )
reading (කියවීම )
writing (ලිවීම )
speaking (කතා කිරීම )
මෙතනින් listening සහ speaking කියන කොටස් දෙක Academic සහ General කියන exam වර්ග දෙකටම පොදු සමාන paper එකක් තමයි ලැබෙන්නේ reading සහ writing තමයි වෙනස් වෙන්නේ මේ හරි අපි බලමු මොනවද මේ එක එක කොටස් වලට කොහොමද මුහුණ දෙන්නේ කියල මුලින්ම අපි බලමු listening (ඇසීම ) කියන කොටසේදී මොකද කරන්න තියෙන්නේ කියල
මෙහෙමයි මෙතැනදී ඔබට විනාඩි 30 පමණ කාලයක් තමයි ලැබෙන්නේ මේ කොටසට මේකෙදි ඔබට වෙනම ශාලාවක අසුන් ගන්න සිද්ද වෙනවා ඒ වගේම ඔබට head phone එකක් ලැබෙනවා එකේ ඔබට අහන්න ලැබෙනවා යම් කිසි විස්තරයක් බොහොම පැහැදිලිව සරල ඉංග්‍රීසියෙන් තමයි ඔබට මේක අහන්න ලැබෙන්නේ මේකේ කරන්න තියෙන්නේ ඔබට ඒ ඇහෙන දේවල් වලින් ඔබට ලාබදීල තියන paper එකේ නිවැරදි පිලිතුර ලකුණු කරන එක එක හරියට අපි පාසල් කාලේදී කරපු අවස්ථා සම්බන්දය ලියනවා වගේ
මෙතැනදී මතක තබා ගන්න ඕන කාරණාවක් තමයි මේ sound clip එක වාදනය වෙන්නේ එක වතාවක් පමණයි ගොඩක් දෙනෙක් මෙතැනදී වැරද්ද ගන්න දෙයක් තමයි sound clip එක අහගෙන යන කොට දෙයක් හරි හැටි අහ ගන්න බැරි උනොත් එතන නැවතිලා හිතනවා එතැනදී වෙන්නේ ඉස්සරහට කරන්න තියන ප්‍රශ්න වලටවත් උත්තර දෙන්න බැරි වෙන එක එතැනදී කරන්න තියෙන්නේ ඔබට හිතට එන උත්තරය ලකුණු කරලා ඊලග ප්‍රශ්නයට යන එක හරි දැන් අපි බලමු IELTS exam එකේදී අපිට මුහුණ දෙන්න වෙන දෙවැනි කොටස ගැන ඒ තමයි reading test එක
reading test එක වෙනස් වෙනවා general සහ academic අනුව ඒ කියන්නේ වෙන වෙන paper දෙකක් තමයි ලැබෙන්නේ මෙතැනදී කරන්න තියෙන්නේ ඔයාලට දෙනවා චේදයක් ඊට පස්සේ ඒ චේදයේ තියන දේවල් වලින් අහල තියන ප්‍රශ්න වලට උත්තර දෙන්න තමයි තියෙන්නේ මෙතැනදී general කරන අයට ලැබෙන්නේ සාමාන්‍ය news paper article එකක් ඒ වගේම academic කරන අයට තරමක් ගැබුරු වචන තියන article එකක් ලැබෙනවා ඉතින් මේ කොටසට ඔයාලට ලැබෙන්නේ විනාඩි 60 වගේ කාලයක් තමයිreading test එක වෙනස් වෙනවා general සහ academic අනුව ඒ කියන්නේ වෙන වෙන paper දෙකක් තමයි ලැබෙන්නේ මෙතැනදී කරන්න තියෙන්නේ ඔයාලට දෙනවා චේදයක් ඊට පස්සේ ඒ චේදයේ තියන දේවල් වලින් අහල තියන ප්‍රශ්න වලට උත්තර දෙන්න තමයි තියෙන්නේ මෙතැනදී general කරන අයට ලැබෙන්නේ සාමාන්‍ය news paper article එකක් ඒ වගේම academic කරන අයට තරමක් ගැබුරු වචන තියන article එකක් ලැබෙනවා ඉතින් මේ කොටසට ඔයාලට ලැබෙන්නේ විනාඩි 60 වගේ කාලයක් තමයි මෙතැනදී ගොඩක් අය කරන්න උත්සාහ කරන දෙයක් තමයි සම්පුර්ණ චේදයම කියනවල ඊට පස්සේ ප්‍රශ්න වලට උත්තර දෙන්න හදන එක ඇත්තටම ඒක ගොඩක් වෙලාව යන වැඩක් මොකද ලැබිල තියන කාලය වෙන්නේ විනාඩි 60 ඉතින් මුලින් කරන්න ඕන අහල තියන ප්‍රශ්න කියනව එක ඊට පස්සේ කරන්න තියෙන්නේ දීල තියන චේදය උඩින් පල්ලෙන් කියව ගෙන යන එක එහෙම කියවන කොට බලන්න ඕනි දෙයක් තමයි අර ප්‍රශ්න වල තිබ්බ වචන තියනවද කියල අන්න එහෙම ස්ථාන වල නැවතිලා බලන්න ඔබට අවශ්‍ය පිළිතුර සොයා ගන්න පුළුවන් වෙයි මේ කොටසට සුදානම් වෙන කොට ඔබ කරන්න ඕන දෙයක් තමයි ඔබේ vocabulary එක හදා ගන්න එක මොකද මේ කොටසට ලකුණු ගන්න එකට ඒක ගොඩක් වැදගත් වෙනවා
හරි ඊට පස්සේ තියන කොටස තමයි writing test එක මේකටත් ඔයාලට ලැබෙනවා විනාඩි 60 ක කාලයක් මේකෙදි බලන්නේ ඔයාලගේ ලිවිමී හැකියාව ඉතින් මේකෙදි ඔයාලට ගොඩක් වෙලාවට කරන්න තියෙන්නේ රචනාවක් වගේ ලියන්න මේකෙත් උප කොටස් තියනවා ඉතින් exam එකට යන්න කලින් හොදට පුරුදු පුහුණු වෙලා යන්න ඕනි එකට වැදගත් වෙන කරුණු මේ ලිපිය අවසානයට මම විස්තර කරන්නම්
ඉතින් ඊට පස්සේ අන්තිමටම ලැබෙන කොටස තමයි speaking test එක මේකට සාමන්‍යයෙන් විනාඩි 10 වගේ තමයි ගත වෙන්නේ මේකෙදි වෙන්නේ ඔයාලට එයාලත් එක්ක interview එකක් තියනවා ඒක හරියට job interview එකකට ගියා වගේම තමයි එයාලත් එක්ක සුහදව කතා කරලා අහන දේවල් වලට උත්තර දෙන්න තමයි තියෙන්නේ
හරි ඔන්න ඔය ටික තමයි IELTS වල තියෙන්නේ ඇත්තම ඔයාල හොදට පුරුදු පුහුණු වෙලා යනවම් මේක මහා අමාරු දෙයක් නෙමෙයි මොකද කවදාවත් අහල දැකල නැති කොරියානු භාෂාව අපේ රටේ තරුණ තරුණියන් මාස කීපයකින් පුහුණු වෙලා ඉහලින්ම සමත් වෙන්නේ ඉතින් පොඩි කාලේ ඉදන් ඉගෙන ගන්න ඉංග්‍රීසි exam එකක් ගොඩ දාගන්න එක මහලොකු වැඩක් නෙමෙයිනේ
හරි ඔයාල exam එකට යන්න කලින් කරලා යන්න ඕනි පොත් සෙට් එකක් තියනවා ඒ තමයි Cambridge IELTS පොත් සෙට් එක මේක එක්කෝ මිලදී ගන්නත් පුළුවන් එහෙමත් නැත්නම් කලින් කරපු කෙනෙක්ගෙන් ඉල්ලා ගෙන exam එකට කලින් කරලා යන්න ඔබට පහසුවෙන් IELTS exam එක ගොඩ දාගන්න පුළුවන් වෙයි
Subscribe to:
Post Comments (Atom)
university of vocational technology (univotec) maths past papers
this is 1st semester mathematics for IT past papers in university of vocational technology.(univotec) you can dounload it. dounload now fi...
-
අයුබොවන් ..තොරතුරු සන්නිවේදන තාක්සනයේ නව මන්පෙත් සොයන්නන්ට මෙහෙයුම් පද්දතිය ගැන හැදින්වීමක් කරන්න හදන්නෙ,.. මුලින්ම දැනගමු මොකක්ද මේ මෙහ...
-
computer Network ජාලකරණයේ වාසි හා අවාසි පරිගණක ජාල කරණය Computer Network පරිගණක ජාලයක වාසි සහ අවාසි. Cumputer Network එකක් යනු පරිගණක ඊ...
-
(father of computer srilanka)තොරතුරු තාක්ෂණයේ පියාගේ ජීවිත කතාව( original post ) වන්නියාරච්චි කිත්සිරි සමරනායක මහතා උපත ලැබුවේ 1939 මැ...
No comments:
Post a Comment